කඩුවෙල පොලිස් වසමේ නො 420, නව නුවර පාර, කඩුවෙල ලිපිනයේ පිහිටි වෙළඳ සැලක් ඉදිරිපිට නවතා තිබූ රුපියල් ලක්ෂ 80ක් පමණ වටිනා ලියාපදිංචි අංක CAG-8089 දරණ Honda Fit වර්ගයේ කාර් රථයක් සොරකම් කිරීම සම්බන්ධයෙන් අපරාධයේ සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා කඩුවෙල පොලිස් ස්ථානය මඟින් විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.

සැකකරු විසින් අදාල කාර් රථය සොරකම් කර කඩුවෙල නගරය හරහා බියගම දෙසට පලා යන ආකාරය සී. සී. ටී. වී දර්ශනවල සටහන්ව ඇති බවයින් වාර්තා වන්නේ.

සැකකරුගේ ඡායාරූපයද දර්ශනවල සටහන් වී ඇති අතර ඔහු සම්බන්ධයෙන් යම් තොරතුරක් වෙතොත් පහත සඳහන් දුරකථන අංක වෙත දැනුම් දෙන ලෙසයි පොලිසිය මහජනතාවගෙන් ඉල්ලා සිටින්නේ.

දුරකතන අංක:

01. ස්ථානාධිපති කඩුවෙල -071-8592776

02. කඩුවෙල පොලිස් ස්ථානය -011-2159224

source :- https://tinyurl.com/5n6uub9e

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here