
ලෝක ආහාර වැඩසටහනට සමගාමීව රුසියාවෙන් මෙරටට ප්‍රදානයක් ලෙස ලබාදුන් MOP පොහොර රැගත් නෞකාව අද (12) පෙරවරුවේ කොළඹ වරායට පැමිණියා.
මෙම නෞකාව තුළ පොහොර මෙට්‍රික් ටොන් 55,000ක් අඩංගු බවයි රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේ නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ.
ප්‍රදානයක් ලෙස ලැබුණු මෙම පොහොර නිල වශයෙන් ශ්‍රී ලංකාවට ප්රදානය කිරීමේ අවස්ථාවට මෙරට රුසියානු තානාපතිවරයා සහ කෘෂිකර්ම අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත යන පිරිස එක්ව සිටියා.

source :- https://tinyurl.com/pupffahc








