
ශ්‍රී ලංකාවේ ඉන්දියානු මහ කොමසාරිස් සන්තෝෂ් ජා සහ බලශක්ති අමාත්‍ය ඉංජිනේරු කුමාර ජයකොඩි අතර හමුවක් සිදුව තිබෙනවා.
ඒ, බලශක්ති අමාත්‍යංශයේදීයි.
රජයේ බලශක්ති ක්ෂේත්රයට අදාළ ඉදිරි වැඩපිළිවෙළ සදහා සිය රජයේ සහය අඛණ්ඩව ලබාදෙන බවයි එහිදී මහ කොමසාරිස්වරයා ප්‍රකාශ කර ඇත්තේ.

එමෙන්ම, නව රජයේ ප්‍රතිපත්තිවලට අනුව ශ්‍රි ලංකාව සහ ඉන්දියාව අතර තවදුරටත් සමීප සබදතා ඉදිරියේදීත් වර්ධනය කරගන්නා බව ඔහු සදහන් කළා.
එමෙන්ම, ආගමික සිද්ධස්ථාන මුල් කරගනිමින් සිදුකරන ඉන්දියානු සූර්ය පැනල ව්‍යාපෘතිය අඛණ්ඩව සිදුකරන බවද මහ කොමසාරිස්වරයා කියා සිටියා.
මේ අතර, කොළඹ වරායේ බටහිර බහාලුම් පර්යන්තයේ ඒකාබද්ධ සංවර්ධන ව්‍යාපෘතිය එක්සත් ජනපද ජාත්‍යන්තර සංවර්ධන මූල්‍ය සංස්ථාවේ සහාය නොමැතිව සිදුකරගෙන යාමට ඉන්දියාවේ අදානි සමාගම ඊයේ (11) තීරණය කර තිබුණා.
එම සමාගම ප්‍රකාශ කළේ සිය සමාගම සතු ජාත්‍යන්තර ප්රාග්ධනය පමණක් යොදාගනිමින් අදාළ ව්‍යාපෘතිය සිදුකිරීමට තීරණය කර ඇති බවයි.
source :- https://tinyurl.com/yc286ppe








