නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරය සදහා ෆයිසර් මුස්තාපා නම් කරනු ලැබුවේ බහුතර කැමැත්ත මත බව එම පක්ෂයේ ලේකම් ශ්‍යාමිලා පෙරේරා හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ වෙත ලිපියක් යොමු කරමින් සදහන් කළා.

ඇය කියා සිටියේ, ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරය සදහා කඩිනමින් නියෝජිතයෙකු නම් කරන ලෙස තමන්ට දෛනිකව බලපෑම් එල්ල වූ බවයි.

2024 මහ මැතිවරණය වෙනුවෙන් නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ යටතේ සන්ධානගත වී ප්‍රධාන පක්ෂ 4ක් තරග වැදුණා.

ඒ පොදුජන එක්සත් නිහදස් පෙරමුණ, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, පොදුජන පෙරමුණ, සහ නව සන්ධානය යන පක්ෂයි.

ඒ අනුව, එම සන්ධානයට මහ මැතිවරණයෙන් ජාතික ලැස්තු මන්ත්‍රී ධුර 2ක් හිමිවුණා.

ඉන් එක් මන්ත්‍රී ධුරයක් සඳහා රවී කරුණානායක පත් කෙරුණා.

කෙසේ වෙතත් එම පත් කිරීම සන්ධානයේ පක්ෂවල එකඟතාවකින් තොරව සිදු කළ බවටයි පසුව චෝදනා එල්ල වුණේ.

කෙසේ වෙතත් නව ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ ලේකම් ශ්‍යාමිලා පෙරේරා යොමු කළ ලිපියේ දැක්වුණේ කංචන විජේසේකර සඳහා රනිල් වික්‍රමසිංහගේ එකඟතාව ද සටහන් කර තිබූ බවයි.

source :- https://tinyurl.com/345kaw57

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here