හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ ආරක්ෂාව ඉවත් කිරීමට වත්මන් ආණ්ඩුව පියවර ගෙන ඇති බව නීතීඥ මනෝජ් ගමගේ පවසනවා.

පොදුජන පෙරමුණු ප්‍රතිපත්ති කේන්ද්‍රයේ දී මාධ්‍ය හමුවක් කැඳවමිනුයි ඔහු මේ බව සඳහන් කළේ.

එම මාධ්‍ය හමුවේ දී නීතිඥවරයා සඳහන් කළේ, නියෝජ්‍ය පොලිස්පති (මානව සම්පත් කළමනාකාර) විසින් ඊයේ (10) දිනයේ දී නිකුත් කරන ලද ලිපියක් හරහා මේ බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ ආරක්ෂක කොට්ඨාසය වෙත දැනුවත් කර ඇති බවයි.

ඒ අනුව හිටපු ජනාධිපතිවරයාගේ ආරක්ෂාව සඳහා අනුයුක්ත කර තිබූ ආරක්ෂක නිලධාරීන් 116 දෙනෙකු එම ආරක්ෂක කොට්ඨාසයෙන් ඉවත් කිරීමට පියවර ගෙන ඇති බව ඔහු සඳහන් කරනවා.

එවැනි තත්ත්වයක් යටතේ හිටපු ජනාධිපතිවරයාගේ ආරක්ෂාව සහ ඊට අදාළ කටයුතු සඳහා යොදවා ඇති සමස්ත ආරක්ෂකයන් ගණන 60ක් වන අතර එම ආරක්ෂකයන් දිනකට උපරිමය 20ක් වන සේ යොදවන බවයි වාර්තා වන්නේ.

source :- https://tinyurl.com/2nf73c4x

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here