පාර්ලිමේන්තු මැතිවරණයට අදාළව මෙතෙක් සිදු කර ඇති සියලු‍ම කටයුතු සහ නිර්දේශ ඇතුළත් වාර්තාවක් මැතිවරණ කොමිෂන් සභාව විසින් නීතිපති දෙපාර්තමේන්තුවට යොමු කර තිබෙනවා.

ඒ, පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්වෙන දිනය සම්බන්ධයෙන් නීතිපති දෙපාර්තමේන්තුව විසින් මැතිවරණ කොමිසමෙන් කළ කරුණු දැක්වීමකට අනුවයි.

පාර්ලිමේන්තු මැතිවරණය නොවැම්බර් මස 14 වනදා පැවැත්වීමට ගෙන ඇති තීරණය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බවට තීන්දුවක් ලබා දෙන්නැයි ඉල්ලා සිවිල් සංවිවධානයක් පසුගියදා ශේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කරනු ලැබුවා.

මහ මැතිවරණයේ දිනය සම්බන්ධයෙන් ජනාධිපතිවරයා ප්‍රකාශයට පත් කළ ගැසට් නිවේදනය නීතියට පටහැනි බවටයි එම පෙත්සමේ වැඩිදුරටත් සදහන්කර ඇත්තේ.

ඒ අනුව අදාළ පෙත්සම ලබන මස 04 වනදා ශේෂ්ඨාධිකරණය හමුවේ කැදවීමට නියමිතයි.

එහිදී මැතිවරණ කොමිසම වෙනුවෙන් නීතිපති දෙපාර්තමේන්තුව පෙනී සිටින අතර ඒ අනුව, මැතිවරණ කොමිසමේ නිර්දේශ එම දෙපාර්තමේන්තුවට යොමු කර තිබෙනවා.

මේ අතර, පාර්ලිමේන්තු ඡන්දයට අදාලව තැපැල් ඡන්ද විමසීම හෙට දෙවන දිනටත් පැවැත්වෙනවා.

source :- https://tinyurl.com/4ff62t8x

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here