බූස්ස අධි ආරක්ෂිත බන්ධනාගාර තුළ සිදු කළ හදිසි සෝදිසි කිරීමකදී ඉහළ වටිනාකමකින් යුත් ජංගම දුරකථන ඇතුළු උපාංග විශාල ප්‍රමාණයක්, හෙරොයින් හා අයිස් මත්ද්‍රව්‍ය පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

එම බන්ධනාගාරයේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුවයි බන්ධනාගාරයේ පැරණි අංශයයේ A,B,C හා D යන වාට්ටු තුළ මෙම හදිසි සෝදීසි කිරීම සිදු කර ඇත්තේ.

එහිදී ජංගම දුරකථන 11ක්, සිම්පත් 13ක්, චාජර්, පොකට් රවුටර්, අමතර බැටරි, ඩේටා කේබල්, ඇඩප්ටර් සහ තවත් උපකරණ රැසක් සොයාගෙන තිබෙනවා.

ඊට අමතරව හෙරොයින් ග්‍රෑම් 03 මිලි ග්‍රෑම් 150ක්, අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 01ක්, දුම් කොළ කැබලි ද මෙහිදී සොයාගෙන ඇති බවට සඳහන්.

එසේ අත්අඩංගුවට ගත් උපකරණ සහ මත්ද්‍රව්‍ය වැඩිදුර විමර්ශන කටයුතු සඳහා බන්ධනාගාර පාලනාධිකාරිය වෙත භාර දීමට කටයුතු කර තිබෙනවා.

source :- https://tinyurl.com/yzbbp34d

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here