
සෙවනගල ප්‍රදේශයේ පාළු ඉඩමක සඟවා තිබූ රුපියල් මිලියන 1000ක් වටිනා හෙරොයින් කිලෝ ග්‍රෑම් 40ක් සොයා ගෙන තිබෙනවා.
ඒ, යුද්ධ හමුදා බුද්ධි අංශයට ලද තොරතුරු අනුව පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් සිදුකරන ලද ඒකාබද්ධ මෙහෙයුමකිනුයි.
අද උදෑසන අත්අඩංගුවට ගත් ආමි චූටිගේ ගෝලයාගෙන් ලද තොරතුරු අනුවයි මෙම වැටලීම සිදුකර ඇත්තේ.

source :- https://tinyurl.com/2cw97fx2







