ශ්‍රී ලංකාවේ ප්‍රංශ තානාපති කාර්යාලයේ The First Counsellor සහ නියෝජ්‍ය ප්‍රධානී Marie-Noëlle Duris ඊයේ (29) දින ශ්‍රී ජයවර්ධනපුර, කෝට්ටේ ආරක්‍ෂක මූලස්ථාන සංකීර්ණයේ පිහිටි ආරක්‍ෂක අමාත්‍යංශයේදී ආරක්‍ෂක ලේකම් එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා (විශ්‍රාමික) හමු විය.

මෙම සාකච්ඡාවේදී දෙරට අතර, පවතින දීර්ඝ කාලීන ආරක්‍ෂක සබඳතා තවදුරටත් ශක්තිමත් කර ගැනීමේ අරමුණින් දෙරටටම අදාළ කරුණු කිහිපයක් සම්බන්ධයෙන් සාකච්ඡා කර තිබෙනවා.

ප්‍රංශ තානාපති කාර්යාලයේ සමුද්‍රීය ආරක්‍ෂාව භාර ප්‍රංශ හමුදා තාක්‍ෂණික සහයෝගීතා නිලධාරි, කොමාණ්ඩර් Jean-Baptiste Trouche ද ආරක්‍ෂක අමාත්‍යාංශයේ හමුදා සම්බන්ධතා නිලධාරී එයාර් වයිස් මාර්ෂල් පද්මන් ද කොස්තා ද මෙම අවස්ථාවට සහභාගි විය.

source :- https://tinyurl.com/mufrjrws

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here