
එදා මැතිවරණ වේදිකාවේ කයිවාරු ගැහුවට අයි එම් එෆ් එක ඉදිිරියේ වත්මන් රජයට දණ ගහන්න සිදුව ඇති බව සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස පවසනවා.
ඔහු මේ බව පැවසුවේ පසුගිය 27 වනදා දෙමටගොඩ පැවැති ජනහමුවක් අමතමින්.
එහිදී සජිත් ප්‍රේමදාස කියා සිටියේමේ වන විට අප රට අමාරුවෙන් ක්‍රියාත්මක වන බවත් අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා ජනාධිපතිවරණ වේදිකාවල රටේ ජනතාවට පොරොන්දු රැසක් දුන් බවයි.

බදු බර අඩු කරන තෙක් රටම බලා සිටි බවත් අයි එම් එෆ් සමග සිදු කළ සාකච්ඡා වලින් පසු බදු අඩු වෙයි කියා අපේක්ෂා කළත් එවැනි දෙයක් නොවු බවත් වැට් බදු සෘජු හා වක්‍ර බදු අඩු කරන්න නොහැකි වු බවත් ඔහු දුන් පොරොන්දු ඉටු කරන්න නොහැකි වු බව ඔහු මෙහිදි කියා සිටියා.
එදා මැතිවරණ වේදිකාවේ කයිවාරු ගැහුවට අයි එම් එෆ් එක ඉදිරියේ වත්මන් රජයට දණ ගහන්න සිදුව ඇති බවත් මේ වන විට අයි එම් එෆ් එකේ ඊලග Review එක කල් දා ඇති බවත් මේ රට ඉදිරියට යන්න නම් බදු බර අඩු කරන්න නම් හිටපු ජනාධිපතිවරයා ප්රමුඛ ආණ්ඩුව අත්සන් කළ ගිවිසුම වෙනස් කරන්න නම් අයි එම් එෆ් සමග සාකච්ඡා කළ යුතු බව ඔහු මෙහිදී අනාවරණ කර සිටියා.
සමගි ජන බලවේගය විපක්ෂයේ සිට අයි එම් එෆ් සමග අවස්ථාව රැසකදී සාකච්ඡා පවත්වා ජනතා වරමින් මේ ගිවිසුම සංශෝධනය කරන බවට පැවසු බවත් ඔවුන් එයට එකග වු බවත් ජනතාව පීඩනයට පත් කරන වැඩපිළිවෙළ ඉවත් කරන්න පොරොන්දු වු බවත් එම නිසා මහමැතිවරණයේදී සමගි ජන බලවේගයට බලය ලබා දෙන ලෙස ඉල්ලා සිටින බවත් ඒ තුළින් නව අයි එම් එෆ් ගිවිසුමකට යා හැකි බවත් සජිත් ප්‍රේමදාස කියා සිටියා.
එසේම අයි එම් එෆ් එක විදේශ ණය ගෙවීම 2033 සිට කරන්න කිව්වත් හිටපු ජනාධිපතිවරයා ප්රමුඛ ආණ්ඩුව එය 2028 දක්වා අඩු කර ගිවිසුම් ගතව ඇති බවත් තවත් වසර 4කින් අපට එම ණය ගෙවන්න මේ ආකාරයෙන් නම් නොහැකි බවත් හිටපු ජනාධිපතිවරයා ගෙදර ගියේ රටේ ජනතාව අනාථ කර බවත් මේ තත්ත්වයෙන් රට ගොඩ ගන්න නම් ඉදිිරි වසර හතර තුළ දැවැන්ත සංවර්ධනයක් සිදු කල යුතු බවත් සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
මේ නව ගිවිසුම හරහා 2033 සිට ණය ගෙවන්න හැකි බවත් ඒ කාලය වන විට සෘජු විදේශ සංචිත වැඩි කර ගත හැකි බවත් මේ වන විට මතුව ඇති ජාතික ආරක්ෂාව ගැන ප්රශ්නය නිසා සංචාරක කර්මාන්තය අඩපණ වුවහොත් ණය ගෙවන්න නොහැකි බවත් වැදගත්ම කාරණාව වන්නේ පාර්ලිමේන්තුවේ බහුතර ආණඩුවට මේ ගිවිසුම සංශෝධනය කරන්න හැකියාව තිබිය යුතු බවත් ජනතාවගේ හිසමත කරමත පීඩනය පටවන යෝජනා ඉවත් කළ හැකි විය යුතු බවත් සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස වැඩිදුරටත් කියා සිටියා.
source :- https://tinyurl.com/42kee5dy








