වන අලි දුම්රිය ගැටීම වළක්වා ගැනීම සදහා අවශ්‍ය නිර්දේශ ඉදිරිපත් කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව විසින් කමිටුවක් පත් කර තිබෙනවා.

එහි නිර්දේශ මත දුම්රිය අනතුරු වලින් වන අලි මිය යාමේ සිද්ධීන් අවම කර ගැනීම සදහා දීර්ඝ කාලීන වැඩ පිළිවෙලක් ක්‍රියාත්මක කිරීමට අපේක්ෂිතයි.

මේ සදහා එක් විසදුමක් ලෙස මේ වන විටත් මඩකලපුව මාර්ගයේ දහවල් කාලයේ පමණක් භාණ්ඩ ප්‍රවාහන දුම්රිය ධාවනය කිරීමට තීරණය කර තිබෙනවා.

පසුගිය 18 වනදා මින්නේරිය රොටවැව ප්‍රදේශයේදී ඉන්ධන ප්‍රවාහන දුම්රියක වනඅලි රංචුවක් ගැටීමේ සිද්ධියෙන් පසුවයි මෙම වැඩ පිළිවෙල පිළිබදව දුම්රිය දෙපාර්තමේන්තුවේ අවධානය යොමු වී ඇත්තේ.

source :- https://tinyurl.com/35vkm7uj

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here