කටුනායක ගුවන්තොටුපල පැමිණීමේ පර්යන්ත පරිශ්‍රයේදී ඊයේ (26) පෙවරුවේ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යංශ ගුවන්තොටුපල ඒකකයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් වැටලීමකදී අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 05 ග්‍රෑම 26ක් මැලේසියාවේ සිට ගුවන් මගින් මෙරටට රැගෙන පැමිණි සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙම පුද්ගලයා අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව සැකකරු රැගෙන යාමට කාර් රථයකින් පැමිණි සැකකරුවෙකු හා සැකකාරියක් ඊට ආධාර අනුබල දීම සම්බන්ධයෙන් කාර් රථයද සමඟ අත්අඩංගුවට ගෙන තිබෙන බව පොලිසිය පවසනවා.

අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 51 ක් වු ගොතටුව ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන අතර, ආධාර අනුබල දීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 36 ක් වු වෑබොඩ ප්‍රදේශයේ පදිංචි හා සැකකාරිය වයස අවුරුදු 33ක් වූ වාද්දුව ප්‍රදේශයේ පදිංචිකාරියකි.

සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් මත්ද්‍රව්‍ය කාර්යංශය මගින් වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.

මේ අතරම ඊයේ (26) පස්වරුවේ කටුනායකදී පොලිසියට ලද තොරතුරක් මත වැටලීමක් සිදුකර අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 102 මිලිග්‍රෑම් 300 ක් සන්තකයේ තබාගෙන යතුරු පැදියකින් ගමන් කරමින් සිටි සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 30 ක් වන දෙමන්හන්දිය ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

සැකකරු සම්බන්ධයෙන් සිදු කළ විමර්ශනයේදී විදේශ රටක සිට මෙහෙය වන ලබන මත්ද්‍රව්‍ය ජාවාරමකට සම්බන්ධ වෙමින් යතුරු පැදියෙන් ගොස් මත්ද්‍රව්‍ය බෙදාහරින ලද සැකකරු බවට අනාවරණය වී තිබෙනවා. සිද්ධිය සම්බන්ධයෙන් කටුනායක පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනවා.

source :- https://tinyurl.com/yv43959b

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here