අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය සහ ශ්‍රී ලංකාවේ කැනේඩියානු මහ කොමසාරිස් එරික් වොල්ෂ් අතර හමුවක් සිදුව තිබෙනවා.

අග්‍රාමාත්‍ය කාර්යාලයේ දී මෙම හමුව සිදුව ඇත්තේ, ඊයේ දිනයේයි.

එහිදී දෙරට අතර පවතින රාජ්‍ය තාන්ත්‍රික සබඳතා තවදුරටත් ශක්තිමත් කරගැනීම සම්බන්ධයෙන් සාකච්ඡා කර තිබෙනවා.

එමෙන්ම ශ්‍රී ලංකාවේ සමාජ ආරක්ෂණ පද්ධතිය ශක්තිමත් කිරීම, කාන්තා ව්‍යවසායකත්ව වර්ධනය කිරීම මෙන්ම කුඩා සහ මධ්‍ය පරිමාණ ව්‍යවසායක අංශ නගා සිටුවීම සම්බන්ධයෙන් ද සාකච්ඡා කර තිබුණා.

source :- https://tinyurl.com/yc78us2y

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here