හිටපු හිටපු අමාත්‍ය ජෝන්ස්ටන් ප්‍රනාන්දු අද (23) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ කොළඹ – හිල්ටන් හෝටලයේ රථ ගාලේ තිබී මෙරටදී එකලස් කරන ලද, මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි නොකළ බව කියන බී.එම්.ඩබ්ලිව් වර්ගයේ මෝටර් රථයක් සොයා ගැනීමේ සිද්ධියට අදාළවයි.

සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා දීම සඳහා ඔහු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පැමිණි අවස්ථාවේ මෙසේ අත්අඩංගුවට ගෙන ඇති බවයි සඳහන් වන්නේ.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් තමන්ව අත්අඩංගුවට ගැනිම වළක්වාලීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ජොන්ස්ටන් ප්‍රනාන්දු නීතිඥයෙකු මාර්ගයෙන් අභියාචනාධිකරණය හමුවේ පෙත්සමක් ගොනු කර තිබූ අතර එය ඊයේ (22) කැදවනු ලැබුවා.

එහිදී නිතිඥවරයා සඳහන් කළේ සිය සේවාදායකයා ප්‍රකාශයක් ලබාදීම සඳහා සීඅයිඩීය හමුවේ අද පෙනී සිටීමට සූදානම් බවයි.

මෙහිදී අභියාචනාධිකරණ විනිසුරු මොහොමඩ් ලෆාර් තාහීර් පෙත්සම්කරු අදාළ මෝටර් රථය සිය භාවිතයට ගෙන ඇත්දැයි ප්‍රශ්න කළා.

එහිදී නීතිඥවරයා සඳහන් කළේ තම සේවාදායකයා පසුගිය මැතිවරණ සමයේ මෙම රථය භාවිත කර ඇති බවයි.

එහිදී විනිසුරුවරු විවෘත අධිකරණයේදී ප්‍රශ්න කර ඇත්තේ ”ගරාජ් අංක තහඩුවක්” සහිත වාහනයක් භාවිතා කරන්නේ කෙසේද යන්නයි.

අනතුරුව නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් හිරංජන් පීරිස් පෙත්සම්කරු අත්අඩංගුවට ගැනීමේ චේතනාවක් වග උත්තරකරුවන්ට නොමැති බව සඳහන් කළා.

එහෙත් ඊට අදාළව ප්‍රතිඥාවක් ලබාදිය නොහැකි බවත් ඔහු කියා සිටියා.

source :- https://tinyurl.com/4std5sdy

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here