ඉතා බරපතල සංවේදී කරුණු සහිත ලිපියකට කිසිදු පියවරක් නොගෙන දින 12ක් සිටීමට හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති, මහජන ආරක්ෂක අමාත්‍යාංශ ලේකම් රවී සෙනෙවිරත්න පෙළඹුවේ කවුරුන්දැයි සොයා ගත් විට පාස්කු ප්‍රහාරයේ මහ මොළකරු සොයා ගැනීමට හැකි වනු ඇති බව පිවිතුරු හෙළ උරුමයේ නායක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල ප්‍රකාශ කළා.

ඔහු මේ බව කියා සිටියේ කොළඹදී අද (23) විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවක් කැදවමින්.

පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය පිළිබද ජනාධිපති විමර්ශන වාර්තා දෙකක් ප්‍රසිද්ධියට පත් කරන ලෙස උදය ගම්මන්පිල පසුගිය 14වනදා ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කළා.

එලෙස එම වාර්තා ප්‍රසිද්ධියට පත් නොකරන්නේ නම් තමන් සතියක් තුළ ඒවා ප්‍රසිද්ධියට පත් කරන බව ද ඔහු සදහන් කළා.

ඒ අනුව පෙරේදා (21) ඔහු එම එක් වාර්තාවක කරුණු හෙළිදරව් කළේ විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවක් කැදවමින්.

කෙසේවෙතත් එම කරුණු ඇතුලත් අල්විස් කමිටු වාර්තාව රජය කිසිසේත්ම පිලි නොගන්නා බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය විජිත හේරත් කියා සිටියේ ඊයේ (22) පැවති අමාත්‍ය මණ්ඩල තීරණ දැනුම්දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමින්.

source :- https://tinyurl.com/55b7m5t3

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here