ඇල්පිටිය ප්‍රාදේශීය සභා ඡන්ද විමසීමට අදාළව ප්‍රචාරක කටයුතු අද (23) මැදියම් රැයෙන් අවසන් වනවා.

ඒ අනුව, ලබන සෙනසුරාදා ඡන්ද මධ්‍යස්ථාන 48කදී ඡන්ද විමසීම පැවැත්වීමට නියමිතයි.

ඊට අදාළ මුලික කටයුතු මේ වන විට සුදානම් කර ඇති බවයි මැතිවරණ කොමිෂන් සභාව සදහන් කළේ.

ඇල්පිටිය ප්‍රාදේශීය සභාව සඳහා පිළිගත් දේශපාලන පක්ෂ 10ක් සහ ස්වාධීන කණ්ඩායම් 02ක් ඇප තැන්පත් තිබුණද ඉන් පිළිගත් දේශපාලන පක්ෂ 08ක් සහ එක් ස්වාධීන කණ්ඩායමක් පමණක් නාම යෝජනා භාරදී තිබෙනවා.

ඇල්පිටිය ප්‍රාදේශීය සභා ඡන්ද විමසීමට අදාළ තැපැල් ඡන්ද සලකුණු කිරීමේ කටයුතු පසුගිය 14 වනදා මෙන්ම 18 වනදා දින ද අවස්ථාව හිමිවිය.

ඇල්පිටිය ප්‍රාදේශීය සභා ඡන්ද විමසීම ඔක්තෝබර් 26 වැනිදා පැවැත්වීමට නියමිතය.

source :- https://tinyurl.com/2zddvyah

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here