හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මේ වන විට විශේෂ විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.

ඒ, ලියාපදිංචි නොකරන ලද සුඛෝපභෝගී බී.එම්.ඩබ්ලිව්. වර්ගයේ මෝටර් රථයක් භාවිත කර ඇති බවට පැවසෙන සිද්ධියට අදාළව එල්ල වී ඇති චෝදනාවකටයි.

ඒ සම්බන්ධයෙන් අධිකරණය විසින් ඔහුට විදෙස් ගමන් තහනමක්ද පනවා තිබෙනවා.

එමෙන්ම, හිටපු අමාත්‍යවරයාට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණ ප්‍රකාශයක් ලබාදෙන ලෙසට ද කුරුණෑගල පොලිසිය දැනුම් දී ඇති බවද වාර්තා වනවා.

කෙසේ වෙතත්, මේ වනතෙක් ඔහු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණි නොමැත.

source :- https://tinyurl.com/2svmfszn

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here