පොදු රාජ්‍ය මණ්ඩලයේ සමුළුව ලබන 24 වනදා සැමෝවා වලදී පැවැත් වෙන අතර ඒ සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක මෙන්න අමාත්‍යවරුන් වශයෙන් කිසිවෙකු සහභාගි නොවන බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක, අමාත්‍ය විජිත හේරත් පවසනවා.

ඔහු මේ බව පැවසුවේ අද (22) කැබිනට් තීරණ දැනුම් දීමේ අවස්ථාවට එක්වෙමින්.

ඔහු කියා සිටියේ පවතින පාර්ලිමේන්තු මැතිවරණ හේතුවෙන් මෙම සමුළුව සඳහා සහභාගී නොවීමට තීරණය වු බවයි.

එක්සත් රාජධානියේ නිලධාරීන් කිහිප දෙනෙක් සහ විදේශ අමාත්‍යංශයේ නිලධාරින් කිහිප දෙනෙකුගෙන් සමන්විත ධුත මණ්ඩලයක් මේ සඳහා යවන්න තීරණය කර තිබෙන බව ඔහු කියා සිටියා.

පොදු රාජ්‍ය මණ්ඩලය සඳහා නව ලේකම්වරයෙකු පත් කිරීමක් සිදු වන බව අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් කියා සිටියා.

source :- https://tinyurl.com/y2vynabd

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here