සහල්, අල, ඵෑණු ඇතුළු අත්‍යාවශ්‍ය වියළි ආහාර සම්බන්ධයෙන් පවතින වෙළෙඳපොළ ගැටලු‍ පිළිබඳ සාකච්ඡා කිරීම සදහා ජනාධිපති අනුර කුමාර දිසානායක ඊට අදාළ සියලු‍ පාර්ශව සමග අද (22) සාකච්ඡාවක් පැවැත්වීමට නියමිතයි.

පෙරවරු 11ට මෙම සාකච්ඡාව ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවැත්වෙනු ඇති.

මේ අතර, වෙළදපොලේ ඉහළ ගොස් ඇති පොල් මිල ලබන වසරේ පෙබරවාරි මාසය දක්වා පවතිනු ඇති බව පොල් සංවර්ධන මණ්ඩලය පවසනවා.

මේ වනවිට පොල් ගෙඩියක මිල රුපියල් 180 දක්වා ඉහළ ගොස් ඇති අතර, නගර ආශ්‍රිතව අඩු මිල ගණන් යටතේ පොල් අලෙවි කිරීමට විශේෂ වැඩපිළිවෙළක් ඉදිරි දින කිහිපයේදී ආරම්භ කිරීමටයි එම මණ්ඩලය සැලසුම් කර ඇත්තේ.

එමෙන්ම, බිත්තර තොග සගවන්නන්ට එරෙහිව සිදුකරන වැටලීම් දැඩි කිරීමට පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරියේ අවධානය යොමුව තිබෙනවා.

ඒ අනුව වෙළදපොළට බිත්තර සැපයීම සීමා කිරීමක් හෝ තොග නිකුත් කිරීම සීමා කිරීමක් සිදු කරන්නේ නම් නීතිමට පියවර ගැනීමට කටයුතු කරන බවයි පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරියේ, තොරතුරු අංශයේ අධ්‍යක්ෂ අසේල බණ්ඩාර සදහන් කළේ.

පසුගිය දිනවල රුපියල් 28ත් 32ත් අතර පරාසයක පැවති බිත්තරයක මිල මේ වනවිට රුපියල් 40 ඉක්මවා ගොස් තිබෙනවා.

source :- https://tinyurl.com/pe5w38by

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here