ඇල්පිටිය ප්‍රාදේශීය සභා මැතිවණයට අදාළව තැපැල් ඡන්ද සලකුණු කිරීමේ අවසන් දිනය අදට (18) යෙදී තිබෙනවා.

පසුගිය 14 වනදා ඇල්පිටිය ප්‍රාදේශීය සභා මැතිවරණයේ තැපැල් ඡන්ද සළකුණු කිරීම ආරම්භ කෙරිණ.

එදින තම ඡන්දය සලකුණු කිරීමට නොහැකි වන තැපැල් ඡන්ද හිමියන්ට අද දිනයේදී සේවා ස්ථානය පිහිටි දිස්ත්‍රික්කයේ දිස්ත්‍රික් මැතිවරණ කාර්යාලයේදී ඡන්දය ලකුණු කිරීමට අවස්ථාව ලබා දී තිබෙනවා.

ඇල්පිටිය මැතිවරණයට අදාළ නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා ලබන 17 වැනිදා සිට 20 වැනිදා දක්වා බෙදාහැරීමට නියමිතව තිබෙනවා.

ඇල්පිටිය ප්‍රාදේශීය සභා ඡන්ද විමසීම ලබන 26 වැනිදා අතර පිළිගත් දේශපාලන පක්ෂ 08 ක් සහ ස්වාධීන කණ්ඩායමක් ඡන්ද විමසීම වෙනුවෙන් නාම යෝජනා භාරදී තිබෙනවා.

source :- https://tinyurl.com/bdcmmktb

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here