2024 පාර්ලිමේන්තු මැතිවරණයට ඉදිරිපත් වන අපේක්ෂකයින්ට වියදම් කල හැකි සීමාව දිස්ත්‍රික්ක මට්ටමින් සඳහන් කර අතිවිශේෂ ගැසට් පත්‍රයක් නිකුත් කර තිබෙනවා.

එම ගැසට් පත්‍රයට අනුව වැඩියෙන්ම වියදම් කල හැකි දිස්ත්‍රික්කය වන්නේ කොළඹ වන අතර එය රුපියල් 114 කි.

අපේක්ෂකයෙකුට අඩුවෙන්ම වියදම් කළ හැකි වන්නි දිස්ත්‍රික්කය වන අතර එය රුපියල් 82 යි.

එක් එක් මැතිවරණ දිස්ත්‍රික්කයේ ජනගහනය, ජන ඝනත්වය, භූමි ප්‍රමාණය සලකා බලමින් අදාළ ගණනය කිරීම් සිදුකර තිබෙනවා.

ඒ අනුව, අපේක්ෂකයෙකුට වියදම් කළ හැකිවන්නේ තමන් තරග වදින දිස්ත්‍රික්කය සඳහා වෙන්කර ඇති සමස්ත උපරිම වියදම් සීමාවෙන් සියයට 60 ක් බවයි මැතිවරණ කොමිසම සදහන් කළේ.

ඉතිරි මුදලින් සියයට 39.5 ක් අපේක්ෂකයාගේ පක්ෂය හෝ ස්වාධීන කණ්ඩායමට වියදම් කළ හැකි අතර, ජාතික ලැයිස්තු අපේක්ෂකයෙකුට දිස්ත්‍රික්කයක් වෙනුවෙන් වියදම් කළ හැක්කේ සියයට 0.5 ක් පමණයි.

එමෙන්ම මැතිවරණ ප්‍රචාරක වියදම් ඇතුළත් වියදම් වාර්තාව මැතිවරණ ප්‍රතිඵල ප්‍රකාශයට පත්කර දින විසි එකක් (21) ඇතුළත අදාල වන පරිදි පක්ෂ ලේකම්ගේ, ස්වාධීන කණ්ඩායම් නායකයාගේ සහ අපේක්ෂකයාගේ අත්සන, දිවුරුම් කොමසාරිස්වරයා හෝ සාමදාන විනිශ්චයකාරවරයා විසින් සහතික කොට මැතිවරණ කොමිෂන් සභාව වෙත භාර දෙනු ලැබිය යුතුයි.

එම අතිවිශේෂ ගැසට් පත්‍රය මෙතනින් 

source :- https://tinyurl.com/4uaspmch

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here