සීෂෙල්ස්හි නව නීතිපතිවරයා ලෙස ශ්‍රී ලංකාවේ උපන් නීතීඥ වින්සන්ට් පෙරේරා පසු/ිය 16 වනදා එරට රාජ්‍ය මන්දිරයේදී දිවුරුම් දී තිබෙනවා.

සීෂෙල්ස් ප්‍රවෘත්ති ඒජන්සියට සඳහන් කර ඇත්තේ ශ්‍රී ලංකාවේ උපන් වින්සන්ට් පෙරේරා මහතා ශ්‍රී ලංකාවේ ශ්‍රේෂ්ඨාධිකරණයේ නීතීඥයකු, ෆීජි හි නීතිඥයකු සහ සොලිසිටර්වරයකු සහ සිංගප්පූරු සමථ මධ්‍යස්ථානයේ පිළිගත් මැදිහත්කරුවකු ලෙස සුදුසුකම් ලබා තිබෙනවා.

සීෂෙල්ස්හි නව නීතිපතිවරයා ලෙස දිවුරුම් දුන් වින්සන්ට් පෙරේරා ඉදිරි වසර හතර සඳහා එම ධූරයේ කටයුතු කිරීමට නියමිතයි.

නීතිපති ලෙස දිවුරුම් ලබා දෙමින් වින්සන්ට් පෙරේරා පවසා ඇත්තේ, “මගේ කණ්ඩායම සමඟ එක්ව, මේ සුන්දර රටේ නීතියේ ආධිපත්‍යය තහවුරු වන බව දැකීමට මගේ උපරිමයෙන් දායක වන බවට මම ප්‍රතිඥා දෙමි” බවයි.

වෙනත් අධිකරණ බල ප්‍රදේශවල සේවය කිරීමේ සිය අත්දැකීම් තුළින් රටට වඩා වැඩි සේවයක් කිරීමට බලාපොරොත්තු වන බවද ඔහු ප්‍රකාශ කර තිබෙනවා.

source :- https://tinyurl.com/e77udm94

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here