One Direction කණ්ඩායමේ හිටපු සාමජිකයෙකු වූ ලියම් පේන් මියගොස් තිබෙනවා.

ඒ ආර්ජන්ටිනාවේ බුවනෝස් අයර්ස් හි හෝටලයක තුන්වන මහලෙන් වැටීමෙන් බවයි එරට පොලීසිය සඳහන් කලේ.මිය යන විට ඔහුගේ වයස අවුරුදු 31 කි.

ප්‍රකාශයක් නිකුත් කරමින්, පොලිසිය පැවසුවේ, පලර්මෝ හි ප්‍රදේශවාසීන් විසින් ලබාදුන් 911 හදිසි ඇමතුමකට ප්‍රතිචාර දැක්වීමෙන් පසුව ඔවුන් පේන්ගේ සිරුර සොයා ගත් බවයි.

Harry Styles, Louis Tomlinson, Niall Horan සහ Zayn Malik සමඟින් 2010 දී X Factor TV වැඩසටහනේ නිර්මාණය කරන ලද ලොව පුරා බෙහෙවින් ජනප්‍රිය වූ One Direction කණ්ඩායමේ සාමාජිකයෙකු වූ ඔහු ජනප්‍රිය ගීත රාශියකට උරුමකම් කියනවා.

source :- https://tinyurl.com/3fs5yjfj

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here