
ඉන්දීය විදේශ අමාත්‍ය එස් ජයිශංකර් සහ පාකිස්ථාන අග්‍රාමාත්‍ය ෂෙබාස් ශරීෆ් අතර හමුවක් සිදුව තිබෙනවා.
ඒ මෙවර පාකිස්ථානයේ පැවැත්වෙන ෂැංහයි සහයෝගීතා සංවිධානයේ වාර්ෂික සමුළුවට සමගාමීවයි.
ඉන්දීය විදේශ අමාත්‍යවරා ඊයේ (15) පාකිස්ථානයට ළඟා වූ අතර, ඉන්දීය අමාත්‍යවරයෙකු වසර 09කට පසුව පාකිස්ථානයේ සංචාරයක නිරත වන පළමු අවස්ථාව මෙය වනවා.

ඉස්ලාමාබාද් වෙත ළඟා වූ ඉන්දීය විදේශ අමාත්‍යවරයා ඊයේ රාත්‍රියේ පාකිස්ථාන අග්‍රාමාත්‍ය ෂෙබාස් ෂරීෆ් විසින් පවත්වන ලද රාත්‍රී භෝජන සංග්‍රහයකට සහභාගී වුණා.
එහිදී පාකිස්ථාන අග්‍රාමාත්‍යවරයා සහ ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය එස්. ජයශංකර් එකිනෙකා සමඟ අතට අත දී සුබ පැතුම් හුවමාරු කර ගත් බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ.
ඉන්දීය විදේශ අමාත්‍යවරයා අද ඉස්ලාමාබාද්හි දී ෂැංහයි සහයෝගිතා සංවිධානයේ (SCO) රජයේ ප්‍රධානීන්ගේ කවුන්සිලයේ (CHG) රැස්වීම අමතනු ඇති අතර, කලාපයේ ත්‍රස්තවාදය සහ අන්තවාදය මෙන්ම සංක්‍රමණ ගැටළු සම්බන්ධයෙන් ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි විසින් මතු කරන ලද උත්සුකයන් නැවත නැවතත් මතු කරනු ඇතැයි ඉන්දීය මාධ්‍ය වාර්තා සඳහන් කරනවා.
source :- https://tinyurl.com/5n8w7t5s








