
යාපනයේ කන්කසන්තුරේ ප්‍රදේශයේ අලුතින් මත්පැන් හලක් විවෘත කිරීමට කටයුතු සූදානම් වීමත් සමගම ඊට එරෙහි වූ යාපනයේ ස්වේච්ඡා සංවිධාන කිහිපයක නියෝජිතයෝ පිරිසක් ඊයේ (15) විරෝධතාවයක නිරත වී තිබෙනවා.
විරෝධතාවයට පැමිණි පිරිස කියා සිටියේ මත්පැන් ශාලා අවශ්‍ය ප්‍රමාණයටත් වඩා යාපනයේ තිබෙන අතර අලුතින් මත්පැන් හල් විවෘත කිරීම සමාජ විරෝධී ක්‍රියා තවදුරටත් වැඩි වීමට හේතුවක් විය හැකි බවයි.
මත්පැන් හල විවෘත කරන ස්ථානයට නුදුරින් බෞද්ධ හින්දු හා ක්‍රිස්තියානි ආගමික ස්ථාන ගණනාවක් හා පාසල් තුනක් පිහිටා ඇති නිසා එම ස්ථානයේ මත්පැන් හලක් ආරම්භ කිරීමට කිසිසේත්ම සුදුසු ස්ථානයක් නොවන බවයි විරෝධතාකරුවන් සඳහන් කරන්නේ.

එමෙන්ම මෙම ස්ථානයෙන් මත්පැන් හල අවලංගු කරන ලෙස ඉල්ලමින් විරෝධතාකරුවන් තෙලිප්පලෙයි ප්‍රදේශයේ රජයේ බලධාරීන්ට ලිඛිතව සන්දේශයක්ද බාර දී තිබෙනවා.
source :- https://tinyurl.com/bdf2nc4s







