පාර්ලිමේන්තු මැතිවරණයට අදාළව අපේක්ෂකයින්ගේ මනාප අංක නිකුත් කිරීම ඉදිරි දින දෙකේ දී සිදු කර අවසන් කරන බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා.

මේ වන විටත් සියලු‍ දිස්ත්‍රික්කවල මනාප අංක සහිත අපේක්ෂක ලේඛන මැතිවරණ කොමිෂන් සභාව වෙත ලැබී ඇති බවයි එහි ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙකු හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළේ.

ඒ අනුව මනාප අංක පරීක්ෂා කිරීමෙන් අනතුරුව යළිත් දිස්ත්‍රික් ලේකම් කාර්යාල වෙත අදාළ ලේඛන යොමු කිරීමට නියමිතයි.

source :- https://tinyurl.com/bde4jxn2

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here