
පාකිස්ථානයේ පන්ජාබ් ප්‍රාන්තයේ රාවල්පිණ්ඩි ප්‍රදේශයෙන් දිනෙන් දින වැඩි රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වීමත් සමඟ ඩෙංගු රෝගීන්ගේ උච්ඡතම අවස්ථාවට පැමිණ ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
ඒ අනුව ඉකුත් 12 වැනි දා දිනය තුළ, නව රෝගීන් 95 දෙනෙකු වාර්තා වී ඇති අතර එය රාවල්පින්ඩි නගරයෙන් දිනක දී වාර්තා වූ වැඩිම රෝගීන් ගණන බවයි එම වාර්තා වැඩිදුරටත් සඳහන් කරන්නේ.
ඩෙංගු රෝගයට ගොදුරු වූ රෝගීන් 229 දෙනෙකු රාවල්පින්ඩි හි රෝහල් කිහිපයක මේවන විට ප්‍රතිකාර ලබනවා.

වසරේ මේ දක්වා රාවල්පින්ඩි නගරයෙන් ඩෙංගු මරණ 06ක් වාර්තා වූ බවයි එරට මාධ්‍ය වාර්තා පවසන්නේ.
පසුගිය සතිය තුළ පාකිස්ථානයෙන් ඩෙංගු රෝගීන් 997 ක් හඳුනාගෙන ඇති අතර, පන්ජාබ් ප්‍රාන්තයෙන් මෙම වසරේ දී වාර්තා වූ සමස්ත ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 3,285 දක්වා ඉහල ගොස් තිබෙනවා.
source :- https://tinyurl.com/5xzk6yep








