
නායයෑම් අනතුරු ඇඟවීම් තවදුරටත් දීර්ඝ කර තිබෙනවා.
කොළඹ, ගාල්ල, ගම්පහ, කළුතර, කෑගල්ල සහ රත්නපුර දිස්ත්රික්කවල නායයෑම් පිළිබඳ දෙවන මට්ටමේ පූර්ව අනතුරු ඇඟවීම දීර්ඝ කළ බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය සඳහන් කළා.
එමෙන්ම, නුවරඑළිය සහ කුරුණෑගල දිස්ත්රික්කවල පළමු මට්ටමේ නායයෑම් අනතුරු ඇඟවීම දීර්ඝ කළ බවද එම ආයතනය නිවේදනය කරනු ලැබුවා.

අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් හඳුනාගත් නායයෑමේ අවදානම් සහිත ස්ථාන වලින් වහා ඉවත්වන ලෙසද ජනතාවට දන්වා තිබුණා.
source :- https://tinyurl.com/3n2mjzhm







