ඇමරිකානු උප ජනාධිපති, ඩිමොක්‍රටික් පක්ෂ අපේක්ෂක කමලා හැරිස් සිය වෛද්‍ය වාර්තා ප්‍රසිද්ධ කර තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

ඒ ප්‍රතිවාදී රිපබ්ලිකන් පක්ෂ අපේක්ෂක හිටපු ජනාධිපති, ඩොනල්ඩ් ට්‍රම්ප් කළ අභියෝගයකට ප්‍රතිචාර ලෙසයි.

පසුගිය දා පැවති විවාදයකදී ඩොනල්ඩ් ට්‍රම්ප් සදහන් කර තිබුණේ, ජනාධිපතිවරණයට තරග කිරීමට කමලා හැරිස්ට නිසි සෞඛ්‍ය තත්වයත් නොමැති බවයි.

කෙසේ වෙතත් විදෙස් වාර්තාවලට අනුව කමලා හැරිස් ඉදිරිපත් කළ වෛද්‍ය වාර්තාවන්හි එවැනි සෞඛ්‍ය ගැටලුවක් නොමැති බව සදහන්.

source :- https://tinyurl.com/2ew6rv7k

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here