පකිස්ථානය සහ එංගලන්තය අතර පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ අවසන් දිනය අදයි.

ඊයේ සිව් වන දිනයට තරගය නතර කරන විට සිය දෙවන ඉනිම ක්‍රිඩා කරන පකිස්ථාන කණ්ඩායම කඩුලු 06 ක් දැවී ලකුණු 152 ක් ලබා සිටියා.

එංගලන්තය සිය පළමු ඉනිම සදහා කඩුලු 07 ක් දැවී ලබා ගත් ලකුණු සංඛ්‍යාව 823 ක්. එය ටෙස්ට් ක්‍රිකට් පිටියේ කණ්ඩායමක් රැස් කළ 4 වැනි ඉහළම ලකුණු සංඛ්‍යාව වනවා.

එමෙන්ම, මෙය සැලකෙන්නේ පකිස්ථානයට එරෙහිව ටෙස්ට් කණ්ඩායමක් රැස් කළ වැඩිම ලකුණු සංඛ්‍යාව ලෙසයි.

මෙහිදී ජෝ රූට් සහ හැරී බෲක් පන්දු 552 කකට මුහුණ දෙමින් ලකුණු 454 ක් ලබා ගත් අතර එය ටෙස්ට් පිටියේ ඕනෑම කඩුල්ලක් වෙනුවෙන් වාර්තා වූ 4 වැනි ඉහළම ලකුණු සංඛ්‍යාව වීම ද විශේෂත්වයක්.

මෙහිදී හැරී බෲක් ලකුණූ 317 ක් රැස් කරමින් සිය ක්‍රිකට් දිවියේ පළමු ත්‍රිත්ව ශතකය වාර්තා කළා.

ඒ සදහා ඔහු පන්දු 310 ක් වැය කළ අතර එය සැලකෙන්නේ ලොව දෙවැනි වේගවත්ම ටෙස්ට් ශතකය ලෙසයි.

source :- https://tinyurl.com/3nns33mf

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here