ලෙබනනයේ මධ්‍යම බේරූට් වෙත ඊශ්‍රායලය එල්ල කළ ගුවන් ප්‍රහාරවලින් පුද්ගලයින් 22 දෙනෙකු මියගොස් 117 දෙනෙකු තුවාල ලබා තිබෙනවා.

ෂියා මුස්ලිම්වරුන් වෙසෙන ප්‍රදේශයක් ඉලක්ක කරගනිමින් මෙම ප්‍රහාරය එල්ල කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

ඝාතනයට ලක් වූ හිස්බුල්ලා සංවිධානයේ හිටපු නායක හසන් නස්රල්ලාගේ ඥාතියෙකු වන වෆික් සෆා සහ එම සංවිධානයේ තවත් ඉහළ පෙලේ නායකයෙකු ඉලක්ක කරගනිමින් මෙම ප්‍රහාරය එල්ල කර ඇති බව සදහන්.

කෙසේ වෙතත් ඔවුන්ට ප්‍රහාරයෙන් හානියක් සිදු වූවේද යන්න මෙතෙක් වාර්තා වී නොමැති බව විදෙස් මාධ්‍ය වාර්තා වැඩිදුරටත් සඳහන් කර තිබෙනවා.

source :- https://tinyurl.com/22xu5y8p

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here