සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මැතිවරණය සදහා රත්නපුර දිස්ත්‍රික්කයෙන් තරඟ කිරීමට නාමයෝජනා පත්‍රයේ ප්‍රවිණ රංගන ශිල්පා දමිතා අබේරත්නගේ නම ඉවත් කර තිබෙනවා.

ඒ සම්බන්ධයෙන් එම දිස්ත්‍රික්යේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතානගේ කියා සිටියේ රත්නපුර දිස්ත්‍රික්කයට වෙනත් දිස්ත්‍රික්කයෙන් ආනයනය කරන අය අවශ්‍ය නොමැති බවයි.

එමෙන්ම ඔහු කියා සිටියේ දමිතා අබේරත්න සමගි ජන බලවේගයට විශාල ශක්තියක් ලබා දුන් කෙනෙකු බවයි.

රත්නපුර දිස්ත්‍රික්කයට මෙම දිස්ත්‍රික්කයේම නායිකාවක් හදා ගැනීමට අවශ්‍ය නමුත් සමගි ජන බලවේගයට කොතෙක් හයියක් වුනත් ඇයගේ නම ඉවත් කිරීමට තීරණය කළ බව හේෂා විතානගේ මෙහිදී කියා සිටියා.

source :- https://tinyurl.com/mt4umsu4

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here