එළඹෙන මහ මැතිවරණය සඳහා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශගේ නායකත්වයෙන් යුතු ජාතික නිදහස් පෙරමුණ තරග නොකරන බව එම පක්ෂය නිවේදනය කරනවා.

එම පක්ෂයේ නායකයා වශයෙන් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ නිවේදනයක් නිකුත් කරමින් පැවසුවේ, සිය පක්ෂය තනිව තරග නොකරන බවත්, කිසිඳු සන්ධානගතවීමකින් හෝ එළඹෙන මහ මැතිවරණය සඳහා ඉදිරිපත් නොවන බවයි.

එහිදී පාර්ලිමේන්තු මැතිවරණ සටන තුළ සම්ප්‍රදායානුකූල විපක්ෂයේ භූමිකාව ඉටු කිරීම මගින් බහුතර මහජන අපේක්ෂා සහ සිය අපේක්ෂා අතර ගැටුමක් නිර්මාණය කිරීම අවසාන අරමුණට සාපේක්ෂව නිශේධනාත්මක ක්‍රියාවක් ලෙස කල්පනා කරන බවට අදාල නිවේදනය මඟින් ජනතාව වෙත දැනුම් දී සිටිනවා.

source :- https://tinyurl.com/558w8sm7

අදාල නිවේදනය පහතින්,

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here