
තේ දළු නෙලමින් සිටි වතු කම්කරුවන් පිරිසකට අද (08) එල්ල වූ බඹර ප්‍රහාරයක් නිසා තුවාල ලබා මස්කෙළිය ප්‍රාදේශිය රෝහල වෙත ඇතුලත් කර තිබෙනවා.
මෙසේ ප්‍රහාරයට ලක්ව ඇත්තේ හපුගස්තැන්න වතුයායේ තේ දළු නෙලමින් සිටි වතු කම්කරු කාන්තාවන් පස්දෙනෙක් සහ පිරිමි පුද්ගලයෙක්.
තේ වත්තේ ගසක බැද තිබූ බඹර කූඩුවකට උකුස්සෙකු පහර දිමෙන් ඇවිස්සුණු බඹරුන් තේ දළු නෙලමින් සිටි වතු කම්කරුවන්ට පහර දී ඇති බවයි මස්කෙළිය පොලිසිය සඳහන් කර ඇත්තේ.

රෝහල් ගත කළ වතු කම්කරුවන්ගේ තත්ත්වය බරපතල නොවන බව මස්කෙළිය රෝහල් ආරංචි මාර්ග සඳහන් කරනවා.
source :- https://tinyurl.com/yc5cwddr







