
මෙරටට පැමිණි ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය එස්.ජෙයිශංකර් ජනාධිපති අනුර කුමාර දිසානායක සමග පැවැත්වූ සාකච්ඡාවේදි මෙරට බලශක්තිය ,ඩිජිටල් යටිතල පහසුකම් සහ කලාපීය ආරක්ෂාව සම්බන්ධයෙන් ගැඹුරින් සාකච්ඡා කර තිබෙනවා.
ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශය නිවේදනය කළේ නිම කරන ලද ණය රේඛීය ව්‍යාපෘති 7ක්ය ටතේ ගෙවූ ඇමෙරිකානු ඩොලර් මිලියන 20ක්, ප්‍රදාන බවට පරිවර්තනය කිරීමේ හැකියාවද
ජෙයිශංකර් පෙන්වා දුන් බවයි.
ඊයේ දිවයිනට පැමිණි ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය එස්.ජෙයිශන්කර් ජනාධිපතිවරයා සහ විදේශ අමාත්‍යවරයා සමග සාකච්ඡා පවත්වමින් පවසා ඇත්තේ මෙරට ආර්ථික ප්‍රතිසංස්කරණ සඳහා ඉන්දියාවේ අඛණ්ඩ සහයෝගය ලබා දෙන බවයි.

එම සාකච්ඡා පිළිබඳව ඉන්දීය විදේශ කටයතු අමාත්‍යාංශය නිල නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
එහි දැක්වෙන්නේ මෙරට විදේශ අමාත්‍යවරයා සමග ඉන්දීය විදේශ අමාත්‍යවරයා අතර පැවැත්වූ සාකච්ඡාවලදී ඉන්දියාවේ රාජ්‍ය ප්‍රතිපත්තිය යටතේ ඉන්දීය රජය නව රජය සමග මිත්‍රශීලිව කටයුතු කරන බව දැනුම් දී ඇති බවයි.
අමෙරිකානු ඩොලර් මිලියන 61.5 ක ප්‍රදානයක් මගින් කන්කසන්තුරේ වරාය නවීකරණය කිරීමටත් ඉන්දියාව ඉදිරිපත් වී ඇති බව එම නිවේදනයේ සඳහන්.
මේ වන විට නිම කරන ලද ණය රේඛීය ව්‍යාපෘති 7ක් සඳහා ඇමෙරිකානු ඩොලර් මිලියන 20ක ගෙවීම් ප්‍රදාන බවට පරිවර්තනය කිරීමේ හැකියාවද එහිදී පෙන්වා තිබෙනවා.
ශ්‍රී ලංකා දුම්රිය සේවයට ඩීසල් දුම්රිය එන්ජින් 22ක් තෑගි කිරීමට ද ඉන්දියාව තීරණය කර ඇති බවයි ඉන්දීය විදේශ අමාත්‍යවරයා පවසා ඇත්තේ.
එමෙන්ම ඔහු ජනාධිපති අනුර කුමාර දිසානායක සමග පැවැත්වූ සාකච්ඡාවේදි බලශක්ති නිෂ්පාදනය සහ ඉන්ධන සැපයීම, ආගමික ස්ථානවල සූර්ය විදුලිය, සෞඛ්‍ය සහ කිරි නිෂ්පාදන ක්ෂේත්‍ර මෙන්ම ඩිජිටල් පොදු යටිතල පහසුකම්පි ළිබඳවද අඛණ්ඩ සහය ලබාදීම සම්බන්ධයෙන් සාකච්ඡා කෙරුණු බවයි ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශය නිවේදනය කරන්නේ.
සමෘද්ධිමත් ශ්‍රී ලංකාවක් පිළිබඳ ජනාධිපති අනුර කුමාර දිසානායක ගේ දැක්ම සාක්ෂාත් කර ගැනීමට සහ ජනතා අපේක්ෂාවන් සපුරාලීමට ඉන්දියාවේ ආර්ථික සහය ඉතා වැදගත් බව මෙරට ජනාධිපතිවරයා ප්‍රකාශ කළ බව එම නිවේදනයේ සඳහන්.
ජනවාර්ගික ගැටළුව සහ ප්‍රතිසංධාන ක්‍රියාවලිය සම්බන්ධයෙන් ද එහිදි සාකච්ඡා කර ඇති අතර ශ්‍රී ලංකාවේ ඒකීය භාවය, ස්වෛරීත්වය පවත්වා ගනිමින් දෙමළ ජනතාව ඇතුළු සියලුම ප්‍රජාවන්ගේ අභිලාශයන් සඳහා ඉන්දියාවේ සහය ලබාදෙන බව අවධාරණය කර තිබෙනවා.
13 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පූර්ණ හා ඵලදායි ලෙස ක්‍රියාත්මක කිරීම සහ පළාත් සභා මැතිවරණය කඩිනමින් පැවැත්වීම ඒ සඳහා පහසුවක් වනු ඇති බවයි ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යවරයා අවධාරණය කර ඇත්තේ .
කලාපීය ආරක්ෂාව සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ සහ ඉන්දියාවේ අවශ්‍යතා සමීපව බද්ධ වී ඇති බවද ඉන්දීය විදේශ අමාත්‍යවරයා ජනාධිපතිවරයා සමග පැවැත්වූ සාකච්ඡාවලදී පෙන්වා දී තිබෙනවා.
ශ්‍රී ලංකා භූමිය කිසි විටකත් ඉන්දීයාවේ ආරක්ෂක අවශ්‍යතාවලට අහිතකර ලෙස භාවිත කිරීමට ඉඩ නොතබන බව ජනාධිපතිවරයා අවධාරණය කළ බවයි ඉන්දීය විදේශ අමාත්‍යංශය වැඩිදුරටත් පෙන්වා දෙන්නේ.
source :- https://shorturl.at/pSNxT








