2024 මහ මැතිවරණයට අදාළ නාම යෝජනා භාර ගැනීම අද (04) ආරම්භ වනවා.

නාමයෝජනා භාර ගැනීම අවසන් වන්නේ ලබන 11 වනදා දහවල් 12 ටය.

මැතිවරණ කොමිසමේ සභාපති ආර්.එම්.ඒ.එල්.රත්නායක සඳහන් කළේ නාම යෝජනා භාර ගැනීමේ ආරම්භක දිනයේ සහ නාම යෝජනා භාර ගැනීම අවසන් වන දිනයේ පෙළපාලි යාම් සහ කණ්ඩායම් වශයෙන් හැසිරීම සපුරා තහනම් බවයි.

මැතිවරණ කොමිසම සඳහන් කළේ නාම යෝජනා භාර ගැනීමේ සිට මැතිවරණය පැවැත්වීමේ දිනය දක්වා කාලය තුළ ආරක්ෂාව සම්බන්ධයෙන් සහ රජයේ මුද්‍රණාලයේ කටයුතු සම්බන්ධයෙන් අදාළ නිලධාරීන් සමග දීර්ඝ ලෙස සාකච්ඡා කළ බවයි.

source :- https://tinyurl.com/bdhhfdjk

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here