
ඊශ්‍රායලය සහ ඉරානය අතර ඇතිව තිබෙන ගැටුම්කාරි තත්ත්වය පිළිබදව සාකච්ඡා කිරීම සදහා ආරක්ෂාව පිළිබදව අමාත්‍ය මණ්ඩල කමිටුව ඊයේ හදිසියේ කැදවීමට ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි පියවර ගෙන තිබෙනවා.
ඉන්දීය මාධ්‍ය වාර්තා සදහන් කළේ, මෙම ගැටුම හේතුවෙන් කලාපයේ ආරක්ෂාවට මෙන්ම තෙල් සැපයුමට සිදු වන බලපෑම පිළිබදව මෙහිදී සාකච්ඡා කළ බවයි.
එමෙන්ම ඉන්දීය ආර්ථිකයට වන බලපෑම පිළිබදවද මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡා කර තිබෙනවා.

source :- https://tinyurl.com/5yjw5ktb








