ඊයේ (01) තායිලන්තයේ බැංකොක් නුවර ආසන්නයේදි පාසල් සිසුන් රැගත් බස් රථයක් ගිනි ගැනීමට ලක් වුණා.

එම බස් රථයේ ගුරුවරුන් 06 දෙනෙකු ඇතුළුව 44 දෙනෙකු ගමන් කර ඇති අතර, ගින්නෙන් 25 දෙනෙකු පමණ මියගිය බවයි විදෙස් මාධ්‍ය සඳහන්කර සිටියේ.

මෙම අනතුරත් සමග දරුවෙකුගේ ජීවිත ආරක්ෂා කරගැනීමට දිවිදුන් තායි ගුරුවරියක් පිළිබඳව බොහෝ දෙනාගේ අවධානය යොමුව තිබෙනවා.

ඇය කළ වීර ක්‍රියාව මේ වනවිට බොහෝ දෙනාගේ කථාබහටද ලක්ව තිබෙනවා.

මෙම තායි ගුරුවරිය බස් රථය පුපුරා යන අවස්ථාවේදී සිසුවියක් ආරක්ෂා කර ගැනීමට එම සිසුවිය තරයේ වැළඳගෙන තිබෙනවා.

කනොක්වාන් ශ්‍රිපොං නම් මෙම ගුරුවරියගේ දේහය දුටු විට, බස් රථය පුපුරා ගිය අවස්ථාවට මුහුණ දී දිවි ගලවා ගත් අය පවසන්නේ ඇය සිසුවියක් ආවරණය කිරීම සඳහා දරුවා දෑතින් අල්ලාගෙන සිටි අතර, බස් රථය ගිනිගෙන පුපුරා ගොස් ඔවුන් දෙදෙනාම අවාසනාවන්ත ලෙසින් ජීවිතක්ෂයට පත්වූ බවයි.

ගින්නෙන් බස් රථය සම්පූර්ණයෙන්ම විනාශ වූ අතර මෙම බස් රථය පාසල් ක්ෂේත්‍ර චාරිකාවකට ගොස් ආපසු පැමිණෙමින් සිටි ළමුන් සහ ගුරුවරුන් රැගත් බස් රථයක් බවටයි වාර්තා සඳහන් කරන්නේ.

source :- https://tinyurl.com/3zpkfxau

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here