අමෙරිකාවේ ෆ්ලොරිඩා ප්‍රාන්තයට පසුගියදා කඩා වැදුණු හෙලන් සුළි කුණාටුවට ජීවිත 600කට වඩා බිලි වන්නට ඇතැයි අමෙරිකානු බලධාරීන් අනුමාන කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

පැයට කිලෝමීටර් 225ක වේගයෙනුයි හෙලන් සුළි කුණාටුව අමෙරිකාවේ ෆ්ලොරිඩා ප්‍රාන්තයට කඩා වැදී ඇත්තේ.

ජාත්‍යන්තර කාලගුණ විද්‍යාඥයන් විසින් 4 වැනි මට්ටමේ සුළි කුණාටුවක් ලෙසයි මෙය වර්ගීකරණය කර තිබෙන්නේ.

හෙලන් සුළි කුණාටුවේ බලපෑමෙන් හටගත් අධික වර්ෂාව සහ අඩි 20කට වඩා ඉහළින් මුහුදු රැල්ල ගොඩබිමට කඩා වැදීම හේතුවෙන් නිවාස හා මහාමාර්ග රැසක් විනාශ වී ඇතැයිද විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරනවා.

ෆ්ලොරිඩා ප්‍රාන්තයට අමතරව ජෝර්ජියා, උතුරු කැරොලිනා, දකුණු කැරොලිනා සහ ටෙනෙසි ප්‍රාන්තවලට ද හෙලන් සුළි කුණාටුවෙන් දැඩි බලපෑම් එල්ල වී තිබෙනවා.

මෙම ආපදා තත්ත්වය පිළිබඳ දත්ත වාර්තා එක්රැස් කිරීම මේ වනවිට සිදු කරමින් පවතින බවයි වාර්තා වන්නේ.

source :- https://tinyurl.com/yetp25rx

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here