ආසියානු සංවර්ධන බැංකුවේ සභාපති මසට්සුගු අසකාවා ජනාධිපති අනුර කුමාර දිසානායක වෙත සුබ පැතුම් එක්කර තිබෙනවා.

ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ, ජනාධිපති අනුර කුමාර දිසානායකගේ වැඩපිළිවෙළ පිළිගන්නා බව ආසියානු සංවර්ධන බැංකුවේ සභාපතිවරයා ප්‍රකාශ කර ඇති බවයි.

1966 වසරේ සිට මේ දක්වා ආසියානු සංවර්ධන බැංකුව සහ ශ්‍රී ලංකාව අතර දිගුකාලීන මිත්‍රත්වයක් පවතින බවත් මෙරට ආර්ථික ප්‍රතිසංස්කරණවලදී මෙන්ම ජනතාවගේ අභිලාෂයන් ඉටුකිරීමට ස්ථීර හවුල්කරුවකු ලෙසත් ආසියානු සංවර්ධන බැංකුව කටයුතු කළ බවයි සභාපතිවරයා පෙන්වා දුන්නේ.

එමෙන්ම ශ්‍රී ලංකාවේ ආර්ථිකය ස්ථාවර කිරීමට සහ එය වඩාත් ශක්තිමත්ව ඉදිරියට ගෙනයෑමට ජනාධිපතිවරයාගේ නායකත්වය ඉවහල් වනු ඇති බව ද ඔහු නිකුත් කළ සුබ පැතුම් පණිවුඩයෙහි සඳහන්.

source :- https://tinyurl.com/3e3zsyzf

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here