පාකිස්ථානයෙන් තවත් mpox ආසාදිතයින් තිදෙනෙකු හමුවී තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

ඒ අනුව සෞදි අරාබියේ සිට පාකිස්ථානයේ කරච්චි ගුවන් තොටුපළ වෙත පැමිණි මගීන් තිදෙනෙකු වෛද්‍ය පරීක්ෂණවලින් අනතුරුව mpox රෝග ලක්ෂණ පෙන්නුම් කළ බව කරච්චි ගුවන් තොටුපල මූලාශ්‍ර උපුටා දක්වමින් ARY පුවත් සේවය වාර්තා කරනවා.

අදාළ ආසාදිතයින්ව වැඩිදුර ඇගයීම් සඳහා NIPA ප්‍රදේශයේ Sindh රජයේ රෝහල වෙත මාරුකර යවා ඇති බවයි එම පුවත් වාර්තා වැඩිදුරටත් සඳහන් කරන්නේ.

මේ අතර ආරක්ෂක පියවරක් ලෙස ගුවන්තොටුපල බලධාරීන් ආගමන ප්‍රදේශය සහ ඇවිදීමේ මාර්ග විෂබීජහරණය කර ඇති බව ද ආරංචි මාර්ග උපුටා දක්වමින් එම පුවත් වාර්තා සඳහන් කරනවා.

සැප්තැම්බර් 20 වන දින, ජින්නා ජාත්‍යන්තර ගුවන් තොටුපළේ මගියෙකු වැඩිදුර පරීක්ෂණ සඳහා රෝහලකට ඇතුළත් කළ විට, නව Mpox සිද්ධියක් වාර්තා වුණා.

සෞදි අරාබියේ ජෙඩා සිට පැමිණි 26 හැවිරිදි අදාළ රෝගියා ගුවන් තොටුපළට පැමිණීමෙන් පසු සෞඛ්‍ය පරීක්‍ෂණයකදී M-Pox යැයි සැක පහළ වී තිබෙනවා.

කෙසේ නමුත් අදාළ මාධ්‍ය වාර්තා සින්ද්හි පිහිටි, බෝවන රෝග රෝහල් සහ පර්යේෂණ මධ්‍යස්ථානයේ වෛද්‍යවරයෙක් උපුටා දක්වමින් වාර්තා කරන්නේ, ඔහුගේ සම මත කුෂ්ඨ සහ තුවාල කිහිපයක් පවතින බවයි.

source :- https://tinyurl.com/449ua7wz

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here