දින අටක අත්හදා බැලීමක් සඳහා ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානයට ගොස් යළි පැමිණීමට නොහැකිවූ බුච් විල්මෝර් හා සුනීතා විලියම්ස් රැගෙන ඒමට ගගන යානයක් ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානය වෙත පිටත්ව ගොස් තිබෙනවා.

නික් හේග් සහ ඇලෙක්සැන්ඩර් ගොර්බුනොව් ගගනගාමීන් සමඟ ඩ්‍රැගන් කැප්සියුලය ෆැල්කන් 9 රොකට්ටුවෙන් ඊයේ අභ්‍යවකාශ ගත කෙරුණු බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

ෆ්ලොරිඩාවේ කැනවරල් තුඩුවෙන් මෙම යානය දියත් කිරීමට නියමිතව තිබුණේ පසුගිය බ්‍රහස්පතින්දා වන අතර, ෆ්ලොරිඩාවට බලපෑ හෙලන් සුළි කුණාටුව හේතුවෙන් ඊයේ දක්වා කල් දැමුණා.

පසුගිය ජුනි 06 වනදා විල්මෝර් හා සුනීතා රැගෙන ජාත්‍යන්තර අභ්‍යවකාශය මධ්‍යස්ථානයට බෝයිං ස්ටාර් ලයිනර් යානය තාක්ෂණික දෝෂයක් හේතුවෙන් සිව් වතාවක් පමණ පෘථිවියට පැමිණීම ප්‍රමාද වූ අතර, ආරක්ෂක හේතුන් මත මිනිසුන් රහිතව පසුගියදා යළි පෘථිවියට ගෙන්වා ගනු ලැබුවා.

ඒ අනුව ඊයේ පිටත්වූ යානය විල්මෝර් හා සුනීතා රැගෙන ලබන වසරේ පෙබරවාරියේදී පෘථිවියට පැමිණිමට නියමිතයි.

source :- https://tinyurl.com/mr37ah83

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here