මුදල්, ආර්ථික සංවර්ධන, ප්‍රතිපත්ති සම්පාදන, සැලසුම් සහ සංචාරක අමාත්‍යාංශයේ නව ලේකම්වරයා ලෙස පත් වූ කේ. එම්. මහින්ද සිරිවර්ධන අද (25) සිය ධුරයේ යළි වැඩ භාරගෙන තිබෙනවා.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විස්තීරණ ණය පහසුකම ලබා ගැනීම සහ මෙරට ණය ප්‍රතිව්‍යුහගතරණ ක්‍රියාවලිය සාර්ථක කර ගැනීම සඳහා සුවිශේෂී දායකවත්යක් දැක් වූ ඔහු, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ශ්‍රී ලංකාව, ඉන්දියාව, බංග්ලාදේශය සහ භූතානය සඳහා විකල්ප විධායක අධ්‍යක්ෂ ලෙස කටයුතු කර ඇති පුද්ගලයෙක්.

අමෙරිකා එක්සත් ජනපදයේ වැන්ඩබිල්ට් (Vanderbilt University) විශ්ව විද්‍යාලයෙන් ආර්ථික විද්‍යාව පිළිබඳ ශාස්ත්‍රපති උපාධියක් සහ ආර්ථික සංවර්ධනය පිළිබඳ පශ්චාත් උපාධි ඩිප්ලෝමාවක් ඔහු ලබාගෙන ඇති අතර, කැලණිය විශ්ව විද්‍යාලයෙන් ආර්ථික විද්‍යාව පිළිබඳ ශාස්ත්‍රවේදී විශේෂ උපාධියක් ද ලබා තිබෙනවා.

ඔහු සාර්ව ආර්ථික කළමනාකරණය, සාර්ව ආර්ථික පුරෝකථනය, මුදල් ප්‍රතිපත්තිය, මහ බැංකුකරණය, රාජ්‍ය මූල්‍ය කළමනාකරණය, රාජ්‍ය ණය කළමනාකරණය හා මූල්‍ය වැඩසටහන්කරණය සහ ප්‍රතිපත්ති යනාදී ක්ෂේත්‍රයන්හි ජාත්‍යන්තර පුහුණුකරණ වැඩසටහන් ගණනාවකට සහභාගී වී ඇති ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක්.

මේ අතර, ජනාධිපති අනුර කුමාර දිසානායක, මහ බැංකු අධිපති නන්දලාල් වීරසිංහ සහ මුදල් අමාත්‍යංශ ලේකම් මහින්ද සිරිවර්ධන අතර සාකච්ඡාවක් ඊයේ (24) පවත්වා තිබෙනවා.

එහිදී ආර්ථිකයේ වත්මන් තත්ත්වය, ආර්ථිකය ස්ථාවර කිරීමේ ක්‍රියාමාර්ග ඇතුළු රටේ ආර්ථිකයට බලපාන කරුණු රාශියක් පිළිබඳව සාකච්ඡා කර ඇති බව සඳහන්.

source :- https://tinyurl.com/5x8cj78m

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here