එළඹෙන පාර්ලිමේන්තු මැතිවරණය සඳහා සමගි ජන සන්ධානයෙන් අග්‍රාමාත්‍ය ධුරය සඳහා තමන් තරග වදින බව එම පක්ෂයේ නායක සජිත් ප්‍රේමදාස පවසනවා.

සමගි ජන බලවේග පක්ෂ කාර්යාලයේ පැවැති විශේෂ සාකච්ඡාවකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනුයි ඔහු මේ බව සඳහන් කළේ.

විපක්ෂ නායක ධුරය දරණ සජිත් ප්‍රේමදාස එළඹෙන එළඹෙන පාර්ලිමේන්තු මැතිවරණයේ දී අග්‍රාමාත්‍ය ධුර අපේක්ෂකයා බවට පත් කිරීම සඳහා වන යෝජනාවක් අද පැවැති එම පක්ෂයේ විශේෂ සාකච්ඡාවක දී ඒකමතිකව සම්මත වී තිබුණා.

මේ අතර එළඹෙන පාර්ලිමේන්තු මැතිවරණයේ දී එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ සමග කිසිදු සංධානගත වීමක් සිදු නොවන බව ඔහු ප්‍රකාශ කළා.

source :- https://tinyurl.com/mr3jse6k

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here