
දිවයින පුරා දැනට ක්‍රියාත්මක ඇඳිරි නීතිය අද (22) දහවල් 12.00ට ඉවත් කරන බව මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් සඳහන් කරනවා.
ජනාධිපතිතුමාට මහජන ආරක්ෂක පනතේ පැවරී ඇති බලතල ප්‍රකාරව නිකුත් කර ලද අංක 2402/23 දරණ ගැසට් පත්‍රය මගින් 2024.09.21 වන ඊයේ දින රාත්‍රි 10.00 සිට 2024.09.22 වන දින උදෑසන 6.00 දක්වා මුළු දිවයිනටම සහ දේශීය ජල තීරයට බලපැවැත්වෙන පරිදි ඇඳිරිනීතිය ප්‍රකාශයට පත් කරනු ලැබුවා.
මෙම කාලසීමාව තුල ඡන්ද කටයුතු රාජකාරී යෙදී සිටින නිලධාරීන්ට අදාලව බලයලත් නිලධාරීන් විසින් නිකුත් කර තිබෙන හැඳුනුම්පත්, බලයලත් ලේඛන ඇඳිරිනීති බලපත්‍ර ලෙස භාවිතා කළ හැකි අතර, විදේශගත වීමේ අපේක්ෂාවෙන් ගුවන් තොටුපල වෙත ගමන් කරන සහ විදේශවල සිට පැමිණ ගුවන් තොටුපලෙන් පිටවන සියළු දෙනාට ඔවුන්ගේ ගුවන් ටිකට් පත්‍රය හෝ ඒ බව තහවුරු කිරීම සඳහා තිබෙන ලේඛණ ඇඳිරිනීති බලපත්‍රයක් ලෙස භාවිතා කළ හැකි බවයි ටිරාන් අලස් සඳහන් කර සිටියේ.

source :- https://tinyurl.com/yacnamh7








