මැතිවරණ ප්‍රතිඵලයට අනුව ජාතික ජනබලවේගයේ නායක අනුර කුමාර දිසානායකගේ ජයග්‍රහණය පැහැදිළි බව විදේශ කටයුතු අමාත්‍ය ජනාධිපති නීතීඥ අලි සබ්රි පවසනවා.

එක්ස් පණිවුඩයක් නිකුත් කරමින් ඔහු සඳහන් කළේ අනුර කුමාර දිසානායකට සහ ඔහුගේ කණ්ඩායමට තමන් සුබ පැතුම් එක් කරන බවයි.

රටක් මෙහෙයවීම පහසු කාර්යයක් නොවන අතර, අනුර කුමාර දිසානායකගේ නායකත්වය යටතේ ශ්‍රී ලංකාවට සාමය, සමෘද්ධිය සහ ස්ථාවරත්වය ගෙන එනු ඇතැයි තමන් විශ්වාස කරන බවද විදේශ අමාත්‍යවරයා සඳහන් කළා.

බොහෝ අවස්ථාවලදී පසුගිය මැතිවරණ ජයග්‍රහණ කළ පිරිස් ලබාදුන් පොරොන්දු අමතක වී සැබෑ වෙනසක් ගෙන ඒමේ අපේක්ෂාවන් අහිමිවුණා.

මෙම අතීත පාඩම් ඉගෙනගනිමින් ජාතික ජනබලවේගයේ නායකයා විනිවිද භාවය, අඛණ්ඩතාවය සහ රටේ දිගුකාලීන යහපත සඳහා නායකත්වය දෙනු ඇති බවට තමන් අපේක්ෂා කරන බවයි විදේශ අමාත්‍ය අලි සබ්රි සිය එක්ස් පණිවුඩයේ වැඩිදුරටත් දක්වා ඇත්තේ.

source :- https://tinyurl.com/y25kc6ur

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here