
ජනාධිපතිවරණ ඡන්ද විමසීමේ පවතින සාමකාමී තත්වය ඉදිරියටත් රැකගන්නා ලෙස මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක ඉල්ලීමක් සිදු කර තිබෙනවා.
මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු කියා සිටියේ මේ වන තෙක් ජනාධිපතිවරණයට අදාළව කිසිදු සිදුවීමක් වාර්තා වී නොමැති බවයි.
එමෙන්ම මෙවර ජනාධිපතිවරණය සඳහා ඡන්දය භාවිත කිරීමට ජනතාව තුළ දැඩි උනන්දුවක් පවතින බවයි වාර්තා වන්නේ.

source :- https://tinyurl.com/kbddpyhv








