තරග දෙකකින් සමන්විත ඉන්දියාව සහ බංගලාදේශය අතර ටෙස්ට් තරගාවලියේ පැවැත්වෙන පළමු ටෙස්ට් තරගය අතර තුරදී විරාත් කෝලි සහ ෂකීබ් අල් හසන් අතර සිදු වූ හාස්‍යජනක කතාබහක් මේ වනවිට සමාජ මාධ්‍යවල සංසරණය වනවා.

එහිදී විරාත් කෝලි විසින් සිංහල භාෂාවෙන් ෂකීබ් අල් හසන්ට “නියමයි මල්ලී” යනුවෙන් පවසනවා.

පසුව ඔහු නැවතත් “මාලිංග බනා හුවා, යෝකර් පෙ යෝකර්” (ඔයා මාලිංග වගේ යෝකර් දානවා නේ) යනුවෙන් පවසනවා.

පිතිකරණයේ යෙදී සිටි විරාට් කෝලිට ෂකිබ් විසින් යෝකර් පන්දු කිහිපයක් එකදිගට යොමු කිරීමෙන් පසු කෝලි මෙලෙස ඔහුට පවසා තිබෙනවා.

source :- https://tinyurl.com/2v5u92t8

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here