හෙට ඡන්දය ප්‍රකාශය කිරීමෙන් අනතුරුව සහ ඡන්ද ප්‍රතිඵල නිකුත් කර අවසන් වී අදාළ කටයුතු නිමවන තුරු කණ්ඩායම් ලෙස ප්‍රසිද්ධ ස්ථානවල රැදී නොසිටින ලෙස මැතිවරණ කොමිසම ජනතාවගෙන් ඉල්ලීමක් කරනවා.

හෙට (21) පැවැත්වෙන ජනාධිපතිවරණ ඡන්ද විමසීම සම්බන්ධයෙන් අද (20) කොළඹ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් එහි සභාපති ආර්.එම්.ඒ.එල් රත්නායක මේ බව කියා සිටියා.

එහිදී ඔහු වැඩිදුරටත් කියා සිටියේ උදෑසනම ඡන්දපළට ගොස් ඡන්ද භාවිත කරන ලෙසයි.

source :- https://tinyurl.com/25kc6hku

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here