ජනාධිපතිවරණයට අදාළව ආරක්ෂක කටයුතු සම්බන්ධයෙන් අද (19) රැස් වූ ජාතික ආරක්ෂක කවුන්සිලයේදී සාකච්ඡා කර තිබෙනවා.

අදාළ රැස්වීම ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පැවත්වුණේ ජනාධිපති ලේකම් කාර්යාලයේදීයි.

එහිදී ජනාධිපතිවරණයේ ආරක්ෂාව තහවුරු කිරීම, මැතිවරණ කොමිසමට සහය ලබා දීම, අපේක්ෂකයින්ගේ සහ ඡන්ද මධ්‍යස්ථානවල ආරක්ෂාව සම්බන්ධයෙන් අවධානයට ලක්ව තිබෙනවා.

මැතිවරණයෙන් පසුවද නීතිය හා සාමය පවත්වාගෙන යාම පිළිබදව ජාතික ආරක්ෂක කවුන්සිලයේදී සාකච්ඡා කළ බව ජනාධිපති මාධ්‍ය අංශය ප්‍රකාශ කළා.

source :- https://tinyurl.com/mwptrcmz

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here